free web stats

ජයිකා උප සභාපති හා අගමැතිනිය අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පැවති මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා ජයිකා ආයතනයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව මෙහිදී සිය ප්‍රසාදය පළ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *