free web stats

උදයංග වීරතුංග එල්ල කළ මැර ප්‍රහාරය

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ව්සින් පහරදීමෙන් තුවාල ලැබු අසල්වැසි පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ පදිංචි උදයංගේ වීරතුංග මහතාගේ අසල්වැසි නිවසේ සිටි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමති 66 හැවිරිදි පුද්ගලයෙක්.

උදයංග වීරතුංග මහතා විසින් පහර දුන් පුද්ගලයාගේ ඉඩමේ මායිම් බිත්තිය කැඩීම සම්බන්ධයෙන් ඔවුන් අතර සිදු වූ බහින්බස්වීමක් දුර දිග යෑම නිසා ඊයේ (09 ) දිනේදී මෙම පහරදීම සිදුවී තිබෙනවා.

ප්ලාස්ටික් බටයකින් උදයංග වීරතුංග මහතා තුවාලකරුට පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුහුණට දැඩි තුවාල සිදුවී නාසය කැඩී ගොස් තිබෙනවා.

උදයංග වීරතුංග මහතා පහරදෙන අයුරු නිවසේ සවිකර තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබෙන බවයි සදහන් වන්නේ.

ඒ අනුව උදයංග වීරතුංග මහතාව අද (10) දහවල් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *