free web stats

බන්ධනාගාර රෝහල අවභාවිතා කළ දුමින්ද සිල්වාට වෙච්ච දේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා සඳහන් කළේ අද (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ බවයි.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහල අවභාවිතා කරන බවට චෝදනා රැසක් එල්ලවූ බැවින් පසුගියදා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියා.

එහිදී ඔහු සදහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *