free web stats

දුමින්ද සිල්වා ජාතික රෝහලට

වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවා සිටි රඳවා සිටි මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ඒ, ඔහුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්. 

වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දුමින්ද සිල්වා ඊයේ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යැවුණා. 

ඒ, වෛද්‍ය නිර්දේශ මතයි. කෙසේවෙතත් කේ වාට්ටුවේ රඳවා සිටියදී දුමින්ද සිල්වා ඊයේ රාත්‍රියේ හදිසියේ අසනීප වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබෙනවා.

එහිදී වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයකට යොමු කිරීමෙන් අනතුරුව දුමින්ද සිල්වා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද අලුයම දෙකට පමණ කොළඹ ජාතික රෝහල වෙත මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු එම රෝහලේ 14 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *