free web stats

ජාත්‍යන්තර පිටියෙන් සමුගන්න තමීම් ඉක්බාල්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඉක්බාල් එලෙස සිය සමුගැනීම නිවේදනය කළේ දෙවැනි වරටයි.

35 හැවිරිදි තමීම් ඉක්බාල් 2023 වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කලින් නිවේදනය කළා.

නමුත් පැය 24ක් ගතවීමටත් මත්තෙන් තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් තමා තවදුටත් ජාත්‍යන්තර තරග වෙනුවෙන් ක්‍රීඩා කරන බව පසුව නිවේදනය කර තිබුණා.

තමීම් මෙලෙස සිය තීරණය වෙනස් කළේ බංග්ලාදේශ අගමැති මැදිහත්වී ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරන මෙන් කළ ඉල්ලීමත් සමඟයි.

ඉන්පසු තරග වෙනුවෙන් එක්වු තමීම් නැවතත් මෙලෙස සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ඔහුගෙන් මෙම ඉල්ලීම පිළිබඳ නැවත සිතා බලන්න යැයි පවසා තිබේ.

නමුත් තමීම් තම තීරණය වෙනස් නොකරන බව සඳහන් කරයි.

තමීම් ඉක්බාල් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට්,එක්දින සහ 20යි 20 තරග 391කට ක්‍රීඩාකර ඇති අතර ලකුණු සංඛ්‍යාව 15,249කි.

තමීම් ඉක්බාල්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන්වනතුරු හෝ කණ්ඩායමේ රැඳීසිටින ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *