free web stats

VEGA Innovations සමාගම නිරීක්ෂණයට එක්වූ අමාත්‍යවරයා

ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 10 දින මරදාන පිහිටි VEGA Innovations සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදීයි.

VEGA Innovations සමාගම නිපදවා ඇති ලොව තෙවන වේගවත්ම විද්‍යුත් මෝටර් රථය ලෙස සැලකෙන  VEGA විද්‍යුත් මෝටර් රථය, 100% දේශීයව නිපදවා ඇති විද්‍යුත් ත්‍රීවිල් රථ සහ සමාගම විසින් AI තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අනෙකුත් නිෂ්පාදන නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එවැනි පරිසර හිතකාමී නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා ඇති බාධාවන් ඉවත් කිරීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය කිසිසේත්ම පසුබට නොවන බවද පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් VEGA Innovations සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා පැවසුවේ වසර 2030 වන විට AI  තාක්ෂණය සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වෙළඳපළක් තිබෙන බවයි.

එම වෙළඳපළෙන් 1% ප්‍රමාණයක් එනම් ඩොලර් බිලියන 150 ක් ලබා ගැනීමේ අරමුණින් මෙම AI තාක්ෂණ ලංකාවේ ප්‍රචලිත කළ හැකි බව පෙන්වා දෙන ලද අතර මේ වනවිට ලෝකයේ විද්‍යුත් ත්‍රීරෝද රථ සඳහා ඩොලර් බිලියන 30 ක ඉල්ලුමක් පවතිනු ඇති බවත් ලංකාවට ඉන් 10% – 15% ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *