ඖෂධ පරීක්ෂාගාර ඉදිකිරීමට රජයේ අවධානය
ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.
“සෞඛ්‍යවල තත්ත්වය පරීක්ෂා කරන විවිධ අවදිවලදී, මේ පරීක්ෂණ කරන්න ඕනේ. නමුත් අපේ දිගටම කරලා තියෙන්නේ යම් පැමිණිල්ලක් තියෙනවා නම් විතරයි. එය ප්‍රමාණවත් වන්නේ නෑ. දැන් රජයේ අවධානය යොමු කරලා තියෙනවා පරීක්ෂාගාර එකක් දෙකක් ලංකාවේ ස්ථාපිත කරගැනීමට. ශ්‍රී ලංකාව කුඩා රටක් වුණාට මේ සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් වීම තුළ හා ඒ ඖෂධ සැපයීම මධ්‍යගත වීම තුළ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බොහෝ දියුණු රටවල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා ප්‍රමාණයෙන් ලොකුයි.”

