free web stats

අද පැවැති අලුත් සහල් මංගල්‍යය

වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වුණි.

ඒ වසරේ වසරේ පළමු වන පසළොස්වක පොහෝ දින වන උතුම් දුරුතු පොහොය දිනය වන අද (13) දිනයේදීයි.

ශ්‍රී දළදා මාලිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු වන අග්‍ර භාගය අතීතයේ සිටම දුරුතු පොහෝ දින දළඳා සමිඳුන් වෙත පූජා කිරීම සිදුවේ.

ඒ අනුව අද දිනයේදී ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් සහ තේවාව භාර නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් චාරිත්‍රානුකූලවම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලැබීය.

දළදා මාලිගාවේ වී අටුව පල්ලේකැලේ ඉදිකර ඇති අතර එතැන සිට පෙරහරින් අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් රැගෙන ඒම සිදු කෙරෙන අතර රැගෙන ආ සහල් සුරක්ෂිතව තබා දුරුතු පුන් පොහෝ දින දහවල් දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදුවේ.

මෙම අවස්ථාවට දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *