free web stats

සෞඛ්‍ය අමාත්‍යවරයා ගිය හදිසි නිරීක්ෂණ චාරිකාව

ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින්ව ධෛර්වත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඖෂධ කේෂ්ත්‍රය වර්තමානයේ ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම අදහස් පළ කළා.

එහිදී ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද නිරත විය.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පාලන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *