free web stats

පොහොර සහනාධාරය ගැන සුබ ආරංචියක්

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත් කර තිබුණා.

එමෙන්ම අද (15) දිනය වනවිට රුපියල් මිලියන 1,666 මුදලක් ලබාදීමට ද පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *