ජනපති ලොව ප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පවත්වා තිබෙනවා.
ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම (Metallurgical Corporation of China Ltd), හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ විශේෂ සාකච්ඡා සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත් කළ ජනාධිපතිවරයා රජයක් ලෙස ආයෝජකයින්ට සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව එහිදී සඳහන් කර තිබෙනවා.