free web stats

ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම්වලින් සැරසී පැමිණී ගුරුවරියන්

උසස්පෙළ පිළිතුරු ප්‍රශ්න ඇගයීමේ මධ්‍යස්ථානයකට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමත් සමග ඇති වූ ගැටලු සහගත තත්ත්වයට විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, එම ගැටලු සහගත කණ්ඩායම් දෙක විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරනු ලබන ඇගයීම් මධ්‍යස්ථානයට කැඳවා එහි සිට පිළිතුරු පත් ඇගයීම් කටයුතු සිදුකිරීමට තීරණය කළ බවයි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී තිබුණා.

ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද, ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *