හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විජිත් විජයමුණි ද සොයිසා විසින් මෙලෙස වෙනත් වාහන එකලස් කිරීමක් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය පවසනවා.
එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙන්නේ.
එහිදී ඔහු පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.