ව්ක්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු අද ගාල්ලේ දී
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතයි.
කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි.
මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදායි
රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොභියව ඔහු සිය පැන හැසිරවූ අයුරු අසමසම වෙයි.
ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු රාවය පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වන මාතෘකාවකි.
පුවත්පත් කලාවේදියෙකු ලෙස පමණක් නොව ගත් කතුවරයෙක් ලෙසත් මහත් සමාජ මෙහෙවරක් කළ ඔහු පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ අතර ඒ අතරින් චෞර රැජින ග්‍රන්ථය දැඩි කතාබහකට ලක්විය.
කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දීයි.
මිය යන විට ඔහු 75වැනි වියෙහි පසුවිය.
වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද සිදු කිරීමට නියම්තයි.

