free web stats

නිල නිවසින් ඉවත්වීම ගැන නාමල් කතා කරයි

රජයෙන් වෙන්කරන ලද නිල නිවෙසින් ඉවත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම අවස්ථාවක සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් ලැබුණහොත් ඊට සූදානම් බව ද උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත ඊයේ (20) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

තම පියා දැනට පදිංචිව සිටින නිවෙස ඔහුගේ පෞද්ගලික දේපළක් නොවන බවත්, එය රජයට අයත් බවත් ඒ මහතා කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයකුට ලබා දී ඇති වරප්‍රසාදයක් ලෙස එය වෙන්කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එවැනි තීරණයක් ගතහොත් නිවෙසින් පිටවීමට ඔවුන්ගේ කිසිදු විරුද්ධත්වක් නොමැති බව පැවැසූ මන්ත්‍රීවරයා වත්මන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දිය හැකි බව වැඩ්දුරටත් කියා සිට්යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *