free web stats

අසලංකට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි

අසනීප තත්ත්වයෙන් පසුවන නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යන දෙදෙනාම නැවත සිය මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද (18) සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට සහ සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගී වීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

අසලංක නොමැති බැවින්, දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *