free web stats

යලි ඇරඹු කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම්

දහස් ගණන් ජනතාවගේ ගමනාගමන කටයුතු පහසු කරමින් කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන 10.5ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව, පේරාදෙණිය බදුල්ල සෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල් මොසෙන් ඒ අල්මුල්ලා මහතා විසින් සිදු කරනු ලැබුවා.

එම සංශෝධිත ගිවිසුම් මගින් පේරාදෙණිය බදුල්ල සෙංකලඩ් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරුකිරීමට අපේක්ෂිත අතර, එය කුරිචර්කනි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙන් කරනු ලැබේ.

මෙම පාලම ඉදිකිරීමෙන් ප්‍රවාහන අපහසුතා රැසකට විසඳුම් ලබා දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *