free web stats

අනුරයි බ්රිදයි අත්අඩංගුවට ගත් හේතුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් අත්අඩංගුවට පත් වූයේ ඊයේ(22) පස්වරුවේයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලබා ගත් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට භාවිත කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *