free web stats

පාකිස්තානයේ විශ්වවිද්‍යාල වැසෙන හේතුව

පාකිස්තානයේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ලෙස විද්වතුන් නොවන රජයේ නිලධාරින් පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව එරට සින්ද් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල 17ක ආචාර්යවරු සහ කාර්ය මණ්ඩල විරෝධතාවක් ආරම්භ කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

පසුගිය 16 වැනිදා ආරම්භ වූ එම විරෝධතාව සහ වර්ජනය අඛණ්ඩව සිදුවන බවත්, කරච්චි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද ඊට එක්වී සිටින බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එම විරෝධතා හා වර්ජන හේතුවෙන් එම විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

විද්වතුන් නොවන රාජ්‍ය නිලධාරින් උපකුලපතිවරුන් ලෙස පත් කිරීමට විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම හෙළා දකින බවට සමස්ත පාකිස්තාන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම සංශෝධන වහා ඉවත් කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කරනවා.

එම තීරණයෙන් අධ්‍යාපන ආයතනවල ස්වාධීනත්වයට සහ අධ්‍යාපනික ගුණාත්මකභාවයට තර්ජනයක් එල්ල වනු ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සිය ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර නොලැබෙන්නේ නම් පාකිස්තානය පුරා සියලු විශ්වවිද්‍යාල එම විරෝධතාවට සහ වර්ජනයට එක්වනු ඇතැයි ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය රජයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *