පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයට වෙඩ්
පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට ඊයේ (23) රාත්රියේදී පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා.
කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර තිබේ.
සිද්ධියෙන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ කාර් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
අදාළ කාර් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.