රජය මහ කන්නයේ වී මිලදී ගන්න ප්‍රමාණය මෙන්න
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා පවසනවා.
තවද දැනට අඩපනව පවතින සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත නඟා සිටුවීම රජයේ ප්රමුඛ කාර්යයක් ලෙස සලකන බවද ජයරත්න මහතා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් සමග පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 23 වැනිදා පැවැති සාකච්ඡාවකදී ජයරත්න මහතා එම කරුණු අනාවරණය කළා.
මෙහිදී සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන්ට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක්ව තිබුණා.
සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් මෙහිදී පෙන්වා දුන්නේ බොහොමයක් කුඩා සහල් සැකසුම්කරුවන් පැවති ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් මත තම ව්‍යාපාර අඩපණව තිබෙන බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය ලක්කර මෙවර රජය ඉදිරිපත් කොට ඇති වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමන් උපරිම ලෙස දායකත්වය ලබාදෙන බවයි.
මෙම අවස්ථාවට සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. මදනායක, ආහාර කොමසාරිස් උපුල් අල්විස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් ජේ.රලි යුදින්, සතොස සභාපති කෝසල විල්බව, උතුරු මැද ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ලලිත් තිස්ස කුමාර මහතා ඇතුළුව සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගම්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව ඇත.