free web stats

ඊ ටිකට් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

දුම්රිය ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) මහනුවර දුම්රියපල අසලදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

සැකකරු දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවි කර ඇති අතර ඔහු සතුව තිබී ඊ ටිකට්පත් දෙකක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 වන කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *