free web stats

අම්මා ව්සින් දුව ඝාතනය කල බවට සැකයක්

කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ ඊයේ (31) අළුයම කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ දිනයේදීම ඇගේ 36 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබූවා.

පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරනවා.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් ද සොයාගෙන තිබෙනවා.

එහි සඳහන්කර ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවයි.

ඇගෙන් තමන්ට කරදර වූ බවත්, ඇය අධික තණ්හාව මත දේපොළ ඉල්ලා වසර 14ක් රණ්ඩුකරන බවත් එම ලිපියේ ඇය සඳහන්කර තිබෙනවා.

එමෙන්ම ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බව ද එම ලිපියේ සඳහන්කර තිබේ.

කෙසේ නමුත් පොලීසිය නිවසට යන විට 76 හැවිරිදි මවද ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් ගෙන පුටුවක් මත සිහි මදගතියකින් වැටී සිට ඇත.

ඇයද දිවිනසාගැනීමට උත්සාහ කරන්ට ඇති බවට පොලීසිය සැකකරනවා.

ඒ හේතුවෙන් ඇය කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *