free web stats

මිල සූත්‍රයට අනුවයි ඉන්ධන මිල සංශෝධනය වන්නේ

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා මිල සූත්‍රය අනුව කටයුතු කරන බවත් වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඊයේ (01) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මිල සූත්‍රයකට අනුව තමයි තෙල් මිල ඉහළ පහළ යන්නේ. ඒ නිසා මාසිකව තෙල් මිල ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල් වෙනවා ඉහළ පහළ යන ඒවා සිදුවෙනවා.

30%කින් කර්මාන්ත ශාලා සඳහා විදුලි බිල අඩු කළා. ඒ හරහාත් පාරිභෝගික ජනතාවට සහන සැලසෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ජනතාවට සහන සලසන්න සියලු ක්ෂේත්‍රවලින් කටයුතු කරනවා. ආයතනත් රැකගෙන ජනතාවත් රැකගෙන ඉස්සරහට යන්න රට පොහොසත් රටක් කරන වැඩපිළිවෙළක තමයි ආණ්ඩුව ඉන්නේ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *