ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා.
එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුවන් යානය ඇලස්කා මුහුදේ අයිස් මතට කඩා වැටී තිබෙනවා.
යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති හෙයින් දැනට එයට ප්‍රවේශ විය නොහැකි බව ඔවුන් පවසනවා.