free web stats

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් අමෙරිකාව ඉවත් වෙයි

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජිකත්වයෙන් නිල වශයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගයට අනුවයි.

කොරෝනා වසංගතය පැවති කාලසීමාවේ මතු වූ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම පියවර ගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ් 19 කාලසීමාව තුළ නිසි පියවර නොගත් බවට සහ චීනයට පක්ෂපාතීව කටයුතු කළ බවට ට්‍රම්ප් පරිපාලනය චෝදනා කළා.

මේ අතර අප්‍රේල් මාසයේ චීනයේ සංචාරයක නිරත වන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *