ලුණු හිඟය උග්‍ර වෙයිද
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රටේ ලුණු හිඟය තවත් උග්රවනු ඇති බවයි.
ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව මේ මස 28 වනදායින් අවසන් වන බවද ගණක අමරසිංහ මහතා අවධාරණය කරනවා.