free web stats

රජයේ මංගල අයවැය එළැඹෙන සඳුදා

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වෙයි.

ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඊයේ (13) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් පිරිසක් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහභාගි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *