free web stats

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීවඋණ්ඩ හමුවී තිබේ.

ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බව පොලීසිය පවසනවා.

එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ලිපට දමා ඇත.

එහිදී උණ්ඩය පුපුරා ගොස් ඇති අතර නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අනෙක් දරුවන්ගේ නිවාසද පරීක්ෂා කර බැලීමෙදී දරුවන් සතුව තිබී මෙම ජීවඋණ්ඩ සොයාගෙන ඇත.

පළමුවෙන්ම මෙම ජීවඋණ්ඩ හමු වූ දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ එම දරුවාට එම උණ්ඩ හමු වී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් අසලම පිහිටි තවත් නිවසක දර මඩුවක තිබියදී බවය.

දරුවන් සතුව තිබී ජීවඋණ්ඩ 30ක් පමණ සොයාගත් බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් හසලක පොලීසිය පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *