කොටහේනේ වෙඩ් තැබ්මක්
කොටහේන ගල්පොත්ත හංදිය ප්රදේශයේ අද (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ය.
තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසූවා.
වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.