free web stats

රජරට කුලපති හිමියන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය 10වැනිදා ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබුණි.

ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇතැයි වාර්තා වේ.

තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම් එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *