අද කෑම පැයේ විරෝධතාවයකට සූදානම් හෙද නිලධාරීන්
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
මේ අතර අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.
මේ අතර මෙවර අය වැය මඟින් විදුහල්පතිවරුන් සදහා අපේක්ෂා කළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව විදුහල්පති ශ්‍රේණී නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට විරෝධය පළ කරමින් ඉදිරියේ දී සියලු විදුහල්පති ශ්‍රේණී කොළඹට කැඳවීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවා.