free web stats

නේපාලයේ ප්‍රභල භූමිකම්පාවක්

නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට එරට වේලාවෙන් අද අලුයම 2:51ට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බව, ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවට වාර්තා වෙයි.

කෙසේ වුවද තවමත් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *