free web stats

කට කතා වලට අහුවෙන්න එපා තෙල් හිගයක් නැහැ

රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

බස්නාහිර පළාතෙන් ඉන්ධන ඇණවුම් 500ක් පමණ මේ වනවිටත් ලැබී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටියේ, “රටේ තෙල් නැතිවීමේ ගැටලුවක් වෙන්නේ නෑ. එක එක කට කථාවලට බය වෙලා ජනතාව ඉන්ධ පිරවුම්හල් වෙත ගියොත් තමයි ගැටලුවක් වෙන්නේ.” යනුවෙනි.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් 3%ක කොමිස් මුදල ඊයේ සිට අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *