free web stats

අද CID එන කතරගම දේවාලයේ බස්නායක නිලමේ

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් ලබාදෙන ආධාර සඳහා රිසිට් පත් කැඩීමේදී සිදුව ඇති බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකරුවකු වන කාමන්ත ජයමුණි විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව බස්නායක නිලමේවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අනුව බස්නායක නිලමේවරයාට අද උදෑසන 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 02 වැනි මහලට පැමිණෙන ලෙස දන්වා ඇත.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ ආරමුදලින් ඉදි කිරීමත් සමග තමන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *