free web stats

නව ඡන්ද දායකයින් වැඩ්වෙන මෙවර පුංචි ඡන්දය

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.

2024 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවන දින සහ 2025 වර්ෂයේ පෙබරවාරි මස පළමු වන දින සහතික කරන ලද පරිපූරක ඡන්ද හිමි නාමලේඛනවලට අනුව නව ඡන්ද දායකයින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ 96,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මූලික කටයුතු සියල්ල මේ වනවිටත් සකස් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසූවා.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර බාරගැනීම හෙට (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව තැපෑලෙන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ සියලු ඡන්ද හිමියන්ට හෙට දිනට පෙර සිය ඉල්ලුම් පත් අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ලබාදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *