බන්ධනාගාර ගතවූ මර්වින් සිල්වා දැන් ඉන්නේ කොහේද
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරනවා.
ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා හැර මර්වින් සිල්වා මහතා පමණක් එම බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා ඇති අතර ඔහුට කිසිදු අමතර පහසුකමක් නොසපයන බවත් ඔහුගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
සැකකාර මර්වින් සිල්වා මහතා නවක සැකකරුවන් රඳවා තැබෙන රෝහලට යාබද සිර වාට්ටුවක මේ වනවිට පසුවෙන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරනවා.