free web stats

මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම වාරණය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදු කරන ප්‍රකාශ සජීව ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීව විකාශය කිරීම අත්හිටුවන බව කථානායකවරයා ප්‍රකාශ කළා.

මේ අනුව හෙට (20) සිට මැයි 08 දක්නා වූ දින 08ක් තුළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ප්‍රකාශ අත්හිටුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *