free web stats

ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.

මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා ආරම්භ කෙරුණි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට දහවල් 12 න් අවසන් වීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *