සිසිල් බීම යැයි රැවටී ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට
සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසනවා.
පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවයි.
දරුවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබු අතර, ප්‍රතිකාර අතරතුර දරුවා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, යාපනය, කයිට්ස්, නාරාත්තනෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද්දයි මාස නමයක් වු දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.