free web stats

එක්සත් රාජධානියෙන් සම්බාධක පැනවූ ශවේන්ද්‍ර ඇතුළු පිරිස

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සිව් දෙනෙකෙුට එක්සත් රාජධානිය විසින් ඊයේ (24) සම්බාධක පනවා තිබෙනවා.

එම පිරිසට හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන පිරිස අයත්වේ.

එමෙන්ම LTTE සංවිධානයේ කලක් සේවය කළ LTTE සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද ඇතුලත් වේ.

ඒ අනුව එම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කරන අතර එරට තුළ ඔවුන් සතුව ඇති වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *