ශවේන්ද්‍ර ඇතුළු 4කට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද කියයි
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසූවා.
මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පෙරේදා (24) නිවේදනය කළා.
ඒ අනුව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට මෙලෙස සම්බාධක පැනවෙයි.