free web stats

හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (27) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැය අට හමාරක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්වේ.

පෑලියගොඩ, වත්තල, ජා – ඇළ, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම හෙට අත්හිටුවනු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *