free web stats

ඇල්පිටියේ වෙඩිතැබීමෙන් එක් අයෙක් රෝහලේ

ඇල්පිටිය,ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රී 8.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වෙඩිතැබීමට පැමිණි පිරිස නිවසේ සිටි පුද්ගලයාගෙන් කඩුවක් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙඩි තැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නිවසේ සිටි පුද්ගලයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් වන විවාහක පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *