free web stats

දිග්වේෂ් රාතිට දඩ පැනවු හේතුව

IPL තරගාවලියේ ඊයේ (4) පැවති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් අපහසුතාවට පත්වන ලෙස හැසිරුණු ලක්නව් ක්‍රීඩක දිග්වේෂ් රාතිට දඩ පනවා ඇත.

ඔහු මෙවර තරගාවලිය ආරම්භයේ සිට ඇතැම් අවස්ථාවලදී කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව ‘සටහන් පොතේ ලිවීම’ (notebook celebration) හැඟවෙන කඩුලු සැමරුමක නිතර විය.

එලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයන්ව හෙලාදකිමින් ඔහුගේ හැසිරීම IPL චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමක් වන අතර, මේ හේතුවෙන් මීට පෙර පංජාබ් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකළ තරගයේදී ද තරග ගාස්තුවෙන් 25%ක දඩයක් පැණවිණි.

කෙසේ නමුත් ඊයේ තරගයේදී ඔහු දෙවන වරටත් එම වරදම සිදුකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 50%ක දඩයක් පැනවීමට IPL විනය කමිටුව කටයුතු යොදා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *