free web stats

බීමතින් ආ මාරයා පොලිස් නිලධාරීයා බ්ලිගනී

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙක් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි පුද්ලයෙකු වන අතර කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්වේ.

අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරු බීමත්ව සිට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *