free web stats

අමෙරිකාව හා චීනය අතර තීරු බදු යුද්ධයක්

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.

එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තා.

මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවයි.

මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවයි.

එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *