free web stats

අවුරුදු නිවාඩුවට දුම්රිය සූදානම්

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අනිද්දා (11දා) සිට විශේෂ අතිරේක දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රිය සඳහා මේ වනවිට එම පහසුකම අන්තර්ජාලය වෙත යොමු කර ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. “මෙම මස 11,12,19 සහ 20 දිනවල කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කරවීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ගාල්ල සිට අනුරාධපුරය දක්වාත් විශේෂ දුම්රිය ක්‍රියාත්මක වෙනවා. ගාල්ලෙන් පෙ.ව. 4.00ට ආරම්භ කරන මෙම දුම්රිය අප්‍රේල් මස 12, 13 දිනවලත් ධාවනය වෙනවා.

එමෙන්ම කොළඹ කොටුව සිට ගාල්ල දක්වා පස්වරු 3.00ට තවත් දුම්රියක් ධාවනය වෙනවා. අප්‍රේල් 11, 12, 16 සහ 21 යන දිනවලදී ගාල්ලේ සිට පෙ.ව. 6.10ට දුම්රියක් ධාවනය කරවනවා. ඒ වගේම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය, බෙලිඅත්ත දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා” යැයි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *