free web stats

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු ලැබෙන පළමු පෙළ ක්‍රීඩකයින්

දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, 2025 වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් 45 දෙනකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙරට පළමු පෙළ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන්ට සහාය වීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීම අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සිදුකරන ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදුකරන ලද තේරීම් මත පදනම්ව මෙම ගිවිසුම්ගත ක්‍රීඩකයන් ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර තිබේ.

ඒ කාණ්ඩය – ධනංජය ලක්ෂාන්, ළහිරු මදුශංක, නිපුන් රන්සික, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිරෝෂන් දික්වැල්ල, ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක, නිපුන් ධනංජය, නිසල තාරක, කමිල් මිශාර, අෂේන් බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, වනුජ සහන්, ලසිත් කෲස්පුල්ලේ, විශාද් රන්දික, දිනුර කලුපහන, ලසිත් ඇඹුල්දෙණිය.

බී කාණ්ඩය – සනෝජ් දර්ශික, කවිශ්ක අංජුල, දිලුම් සුදීර, අෂේයින් ඩැනියල්, රොන් චන්ද්‍රගුප්ත

සී කාණ්ඩය – කවීන් බණ්ඩාර, මුදිත ලක්ෂාන්, රවිඳු රසාන්ත, තනුක දාබරේ, මොහොමඩ් ශමාස්, ජනිෂ්ක පෙරේරා, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, ශම්මු අශාන්, දුවිඳු තිලකරත්න.

ඩී කාණ්ඩය – ආර්. පී. එන්. ප්‍රියදර්ශන, ටී.එන්. සම්පත්, එන්.සී. කොමසාරු, ඩබ්. ජී. ආර්. එල්. විජේනායක, ඩබ්. ඩබ්. ඒ. ජී. මනීෂාන්, ආර්. පී. තටිල්, කේ. පී. එන්. කේ. කරුණානායක, අයි. එස්. එස්. සමරසූරිය, දුෂාන් විමුක්ති, ලක්ෂාන් සඳකැන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *