free web stats

සමන් ඒකනායක මැගසින් බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැගසින් බන්ධනාගාරයට යොමු කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු මේවන විට සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බවයි.

පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල් අවභාවිත කර පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකාර සමන් ඒකනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

නඩුව ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට ⁣එංගලන්තයේ කළ සංචාරය, නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නිල නොවන පුද්ගලික සංචාරයක් සඳහා 2023 වසරේ සැප්තැම්බර් 22 හා 23 යන දෙදිනක පැය 36 ක කාලයක් තුළ මහජන අරමුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නඩුව පවරා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *